top of page

සා.පෙළ විභාග ප්‍රතිඵල හෙට 28

  • Writer: Admin
    Admin
  • Mar 27, 2018
  • 1 min read

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2018 විභාගය ප්‍රතිඵල හෙට (28) නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. විභාග ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබි අඩවියේ පළ කෙරෙන බව ද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2017 විභාගයට පෙනී සිටි සිසුන් 969 දෙනකුගේ ප්‍රතිඵල අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.නවීණ තාක්ෂණික උපකරණ හා වෙනත් ක්‍රම භාවිත කර විභාග වංචා සිදුකළ බවට ලැබුණු පැමිණිල්ල මත සිසුන් 2798 දෙනකු සමිබන්ධයෙන් පරික්ෂණ සිදුකළ අතර ඉන් සිසුන් 969 දෙනකුගේ ප්‍රතිඵල අත්හිටුවීමට තීරණය කළ බවද දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව එම සිසුන්ගේ ප්‍රතිඵල නිකුත් නොකරන බවද දෙපාර්තමේන්තුව පවසයි. මූලික පරීක්ෂණවලදී සිසුන් 1829 දෙනකු නිදහස් වූ බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.


 
 
 

Comments


Recent Posts
Follow Us
  • Facebook Basic Square
  • Twitter Basic Square
  • Google+ Basic Square
bottom of page