top of page

උකුණන් වඳ කරන්නට දැමූ බෙහෙත් විස වී දැරියන් දෙදෙනා රෝහලේ

  • Writer: Admin
    Admin
  • Mar 27, 2018
  • 1 min read

හිසේ බෝවී සිටින උකුණන් වඳ කිරිම සදහා අනෝදා ඇට තලා හිස ගැල්වීමෙන් පසුව රෝගී වූ එකම පවුලක අක්කා නගෝදෙදෙනකු ඊයේ (26) උදෑසන මීගහකිවුල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සදහා බදුල්ල මහ රෝහල වෙත ඇතුළත් කර ඇත. රෝහල් ගත කර ඇත්තේ මීගහකිවුල පොල්ගහඅරාව ගම්මානයේ වයස අවුරුදු පහක හා හතහමාරක දැරියන් දෙදෙනෙකි. මෙම දැරියන් දෙදෙනාගේ හිසේ සිටින උකුණන් වඳ කිරීම සඳහා ඔවුන්ගේ මව විසින් අනෝදා ඇට තලා ගල්වා ඇති අතර ඉන් සුළු මොහොතකට පසුව දැරියන් දෙදෙනාගේ දෑස්වල අධික දැවිල්ලක් හා වේදනාවක් හටගෙන ඇත. රෝහලට පැමිණෙන විට දෑස් විවෘත කිරීමටද නොහැකි තත්වයට පත්ව තිබිණි.


 
 
 

Comments


Recent Posts
Follow Us
  • Facebook Basic Square
  • Twitter Basic Square
  • Google+ Basic Square
bottom of page